George Floyd ඝාතනය - වර්ගවාදී ඇමරිකානු පොලිස් නිලධාරියාට ඝාතන චෝදනා

George Floyd ඝාතනය - වර්ගවාදී ඇමරිකානු පොලිස් නිලධාරියාට ඝාතන චෝදනා

අප්‍රිකානු සම්භවයක් ඇති ඇමරිකානු ජාතිකයෙක් අත්අඩංගුවෙහි පසුවෙද්දි ගෙල සිරකර මරාදැමීම සම්බන්ධයෙන් සුදු ඇමරිකානු පොලිස් නිළධාරියෙක්ට එරෙහිව ඝාතන චෝදනා එල්ල කිරීමට එරට අධිකරණය කටයුතු කර තිබේ. පසුගිය 25 වැනිදා මෙම සිදුවීම වාර්තා වූ අතර ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමති මියගිය පුද්ගලයා වෙනුවෙන් දැඩි සමාජ කතිකාවතක් ඇමරිකාව තුල පමණක් නොව ජාත්‍යන්තරය තුලද මතුවීම කැපී පෙනිනි.

ඇමරිකාවේ ප්‍රසිද්ධ මාර්ගයක වාහනයක් තුල සිටියදී සුදු ජාතික පොලිස් නිළාධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නා නිරායුද ෆ්ලොයිඩ් පොලිස් වාහනය අසලදී පහරදී බිම හෙලා චාවින් නැමති පොලිස් නිළධාරියා ඔහුගේ පාදයේ දණහිස කොටසින් ෆ්ලොයිඩ්ගේ ගෙල සිරකර ඇති අතර එසේ මිනිත්තු 8 ක් සහ තත්පර 46ක කාලයක් සිට ඇති බව කැමරා දර්ශන සාක්ෂි දරයි. එසේ ගෙල සිරකර සිටියදී ෆ්ලොයිඩ් තමන්ව නිදහස් කරන ලෙසත් 'I can't breath' යනුවෙන් තමන්ට හුස්ම ගැනීමට නොහැකි බවත් අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කර ඇති නමුත් පොලිස් නිළධාරීන් ඔහු මියයන තුරුම ගෙල සිරකර සිට ඇත.

ඔහු මිනිත්තු පහක් ගතවෙද්දී මියගොස් හෝ සිහි නොමැතිව සිටියදී පවා තවත් මිනිත්තු ගණනාවක් ඔහුගේ ගෙල සිරකරගෙන සිටීමට නිලධාරියා කටයුතු කර ඇත්තේ ඉතා අමානුෂික ආකාරයටය. මේ සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන සහ මාධ්‍ය වාර්තා පලවීමත් සමගම 'I can't breath' ලෙසින් සටන් පාඨය සහිතව වර්ගවාදයට එරෙහිව දැඩි සමාජ විරෝධක් ඇරඹිණි. එහි ප්‍රතිඵලයක් ලෙස අධිකරණය මගින් ඝාතක පොලිස් නිළධාරියාට ඝාතන චෝදනා එල්ලකිරීම සහ එයට සම්බන්ධ නිළධාරීන් හයදෙනාම වැඩ තහනමකට ලක්කර තිබේ.

හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාද මේ සිදුවීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඇමරිකාව තුල කළු ජාතිකයන්ට එරෙහිව මරණීය වර්ගවාදයේ පහර එල්ලවීම වසර සිය ගණනකට පෙර සිට සිදුවන අතර, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක් තුල අද පවා එය නැවතී නොමැති බවට ෆ්ලොයිඩ් ඝාතනය සරලම නිදසුනකි.