ඩ්‍රෝන ප්‍රහාර දෙකකින් සෞදි ආරාබිය කැළඹෙයි - තෙල් හිඟයක අවදානමක්!

ඩ්‍රෝන ප්‍රහාර දෙකකින් සෞදි ආරාබිය කැළඹෙයි - තෙල් හිඟයක අවදානමක්!

සෞදි අරාබියානු රජය විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රධානතම තෙල් සැපයුම් සංකීර්ණ දෙකකට එල්ලවූ ඩ්‍රෝන් යානා ප්‍රහාර දෙකක් හේතුවෙන් එරට තෙල් සහ ගෑස් සැපයුම සීමා කිරීමට සිදුව ඇති බව වාර්තා වේ. මෙම ප්‍රහාරයන් හේතුවෙන් සෞදි අරාබියේ සමස්ත බොර තෙල් සැපයුම දිනකට බැරල් මිලියන 5.7 දක්වා පහත වැටෙනු ඇති බවත් එරට බලශක්ති අමාත්‍ය අබුදුල්ලාසිස් බින් සල්මන් කුමරු ප්‍රකාශ කර ඇත. එය සෞදියේ සාමාන්‍ය තෙල් සැපයුමෙන් හරි අඩක් බවද වාර්තා වේ.

යේමනය පදනම් කරගෙන ක්‍රියාත්මක වන හවුති සටන්කාමීන් මෙම ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් සඳහන් කර ඇත්තේ තමන් විසින් ඩ්‍රොන් යානා 10ක් යොදාගෙන මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. නමුත් එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා මේ සම්බන්ධයෙන් චෝදනා කර ඇත්තේ ඉරානයට වන අතර ඔහු ප්‍රකාශ කලේ අදාල ඩ්‍රොන් යානා යේමනයේ සිට පැමිණි බවට කිසිඳු සාක්ෂියක් නොමැති බවයි.

done

සෞදි ආරාබිය බටහිර රටවල් සමග ඒකාබද්ධව යේමන් රජය වෙනුවෙන් සහය දක්වන මිලිටරි කණ්ඩායමකට සහය දක්වන බව සුප්‍රසිද්ධ රහසක් වන අතරම ඉරානය විසින් යේමන් රජයට එරෙහිව ක්‍රියාත්මක වන හවුති සටන්කාමීන්ට සහය දැක්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙයි. මෙම ප්‍රහාර හේතුවෙන් සෞදියේ ප්‍රධාන තෙල් නිෂ්පාදන සැකසුම් සංකීර්ණ දෙකක් වන 'අබ්ක්වායික්' සහ 'කුරායිස්' නැමති පර්යන්ත වල තෙල් සැපයුම අඩාලවී තිබේ.

එක්සත් ජනපදය සෞදි අරාබියට සහය දක්වමින් ප්‍රකාශ කරන්නේ හවුති සටන්කාමීන් සෞදිය තුල මෙවැනි ප්‍රහාරයකට යොමුවීම එතරම් හිතකර නොවන බවත් ඉදිරියේදී එයට එරෙහිව තම රජයේ සහය සෞදියට ලබාදෙන බවය. එක්සත් ජනපදය සහ ඉරානය අතර අර්බුදය දිගින් දිගටම ඇවිලෙද්දි මෙවැනි ප්‍රහාර එය තවත් උණුසුම් කරන බවට සැකයක් නැත.

 108807926 saudiabqaiq29760919

අදාල තෙල් සැපයුමේ අඩුවීම හේතුවෙන් ලෝක තෙල් මිලට බලපෑමක් නොවනු ඇති බවට විශ්වාස කෙරේ. නමුත් තෙල් සැපයුම අඩුවීම හේතුවෙන් සෞදිය තෙල් සැපයීම සිදුකරන රටවල තෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව සැලවේ.

More News