Trump ට එරෙහිව Bernie 2020 ජනපතිවරණ සටනට

Trump ට එරෙහිව Bernie 2020 ජනපතිවරණ සටනට

2020 වසරේ පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණ සටනට ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස Bernie Sandres තරඟ කිරීම නිළ වශයෙන් නිවේදනය කරනු ලැබීය. ඒ අනුව රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිත වත්මන් ජනාධිපති Donald Trump ට හොඳ තරඟයක් දිය හැකි ප්‍රතිවාදියෙක් ඉදිරිපත්ව ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.

78 හැවිරිදි Bernie ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ ඇමරිකානු සෙනෙටර්වරයෙක් වශයෙන් කටයුතු කර ඇති අතරම උගත් දේශපාලනඥයෙක් ලෙස ඇමරිකාවේ දේශපාලනයට සහ ආර්ථික රටාවට විශේෂ දායකත්වයක් දක්වා ඇත. ඩිමොක්‍රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ලෙස ඉතා විශාල ගෞරවයක් හිමකරගෙන සිටින Bernie අපේක්ෂකයා ලෙස ඉදිරිපත්කිරීමට පක්ෂය ඒකමතිකව තීරණකය කර තිබිණි.

එහෙත් මීට කෙටි කලකට පෙරාතුව ඇතිවූ හෘදයාබාධ තත්වයක් නිසා Bernie ට මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලින් තාවකාලිකව ඉවත්වන්නට සිදුවිය. නමුත් ඇමරිකාවේ ලොන්ග් පාර්ක් පිටියේ පැවති Bernie නැවත පැමිණීමේ ජන රැළියට ඔහුගේ ආධාරකරුවන් 26,000 ක පමණ පිරිසක් සහභාගීවූ බවත් එය ට්‍රම්ප්ගේ සතුටට හේතුවූ කරුණක් නොවන බවද වාර්තා වේ.

ට්‍රම්ප් පාලනයේ පවතින ප්‍රබල දුර්වලතා ඉලක්ක කරගෙන මෙවර ඩිමොක්‍රටික් පක්ෂයේ මැතිවරණ සටන ක්‍රියාත්මක කිරීමට නියමිත වන අතර එහිදී පැයක අවම වැටුප ඩොලර් 15 දක්වා සහතික කිරීම, පුද්ගලික බන්ධනාගාර සංස්කෘතිය නතර කිරීම, ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන ණයවීම කපාහැරීම සහ සියළුම දෙනාට සෞඛ්‍ය පහසුකම් ලබාදීම කේන්ද්‍ර කරගෙන Bernie ගේ ප්‍රතිපත්ති ප්‍රචාරණය කිරීමට නියමිතය.

2020 වසරේ අගභාගයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ට්‍රම්ප්ට පහසුවෙන් ජයගත හැකිවේයයි කිසිඳු දේශපාලන විශ්ලේෂකයෙක් විශ්වාස නොකරීම නිසා මෙම තරඟය තවත් උණුසුම් වේ යැයි අපේක්ෂිතය.