කොරෝනා Guard එක්ක - බැංකොක් Dance!

කොරෝනා Guard එක්ක - බැංකොක් Dance!

සෞඛ්‍ය අංශවල විශේෂ දැනුවත් කිරීම් මධ්‍යයේ ලොවපුරා රටවල විවිධ වෘත්තීයන්හි යෙදෙන පුද්ගලයින් ඒ සඳහා ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරන වකවානුවක සාම්ප්‍රදායික නර්තනයේ යෙදෙන සොඳුරු යුවතියන්ද රෝග ව්‍යාප්තියෙන් ආරක්ෂාවීම සඳහා නර්තන ඇඳුමටම සරිලන මුහුණු ආවරණ භාවිතා කරන්නට පටන්ගෙන ඇති බව තායිලන්තයේ, බැංකොක් නුවරින් වාර්තා වේ.

APF පුවත් ඒජන්සිය වාර්තා කරන ආකාරයට තායිලන්තයේ, බැංකොක් නුවර පිහිටා ඇති පැරණි බ්‍රාහ්මණ කෝවිලක් වන එරවාන් සිද්ධස්ථානයේ පැවැත්වෙන සාම්ප්‍රදායික රංගනයන් සඳහා සහභාගීවන යුවතියන්, ඒ සඳහා භාවිතා කරන නර්තන ඇඳුමටම ගැලපෙන ලෙස සකස් කරගත් විනිවිද පෙනෙන මුහුණු ආවරණයකින් සමන්විතව රංගනයේ යෙදෙන බවය. මෙම රංගනයන් නැරඹීම සඳහා සංචාරකයන් විශාල ප්‍රමාණයක් වෙනදා පැමිණෙන නමුත්, මේ දිනවල පවතින තත්වය නිසා සංචාරකයින්ගේ පැමිණීම සීමාසහිත වූවද දෛනිකව පැවැත්වෙන පූජා රංගනයන් එලෙසම පැවැත්වීමට එම සිද්ධස්ථානය කටයුතු යොදා ඇත.

නමුත් මෙම සොඳුරු රංගනයන්ගේ චමත්කාරජනක ස්වභාවයට හානි නොවන අයුරින් සකස්කල මෙම ආරක්ෂිත මුව ආවරණය ජාත්‍යන්තර ජනමාධ්‍ය අවධානය දිනාගැනීමට පවා සමත්ව තිබේ. මේ වනවිට තායිලන්තයෙන් කොරෝනා ආසාදිතයින් 3000කට ආසන්න පිරිසක් වාර්තාවී තිබේ.