බ්‍රිතාන්‍ය අගමැතිට සහ සෞඛ්‍ය ලේකම්ට කොරෝනා වැළදිලා

බ්‍රිතාන්‍ය අගමැතිට සහ සෞඛ්‍ය ලේකම්ට කොරෝනා වැළදිලා

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක්ටද, කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

සිය ට්විටර් ගිණුමේ පළ කරන ලද වීඩියෝවකින් මහින් එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාවන බොරිස් ජොන්ස්ටන් හටද කොරෝනා වෛරසය සෑදී ඇතිබව වාර්තා විය. 

එරට මාධ්‍ය වාර්තාකළේ අග්‍රාමාත්‍යවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ පරීක්ෂණ වලදී තහවරු වී ඇති බවයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් බොරිස් ජොන්සන්ද එය තහවුරු කර තිබුණි.

ඔහු පවසා ඇත්තේ පැය 24ක පමණ කාලයක සිට තමන්ට වෛරසයේ රෝග ලක්ෂණ පහළ වූ බවත්, ඒ හේතුවෙන් තමන් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවයි.