ඉන්දීය හිටපු විදේශ ඇමති සුශ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය හිටපු විදේශ ඇමති සුශ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය හිටපු විදේශ අමාත්‍යවරියක මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ ආදරයට පාත්‍ර වූ නායිකාවක වන සුශ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියයන විට 67 වන වියේ පසු විය.

හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සුශ්මා ස්වරාජ්, අධික දියවැඩියා තත්ත්වයෙන් පෙලීම හමුවේ මීට වසර 3 කට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක් වූ බැවින් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් තත්ත්වයක නොපැවිතිණි.

මේ හේතුවෙන් ඇය මේ වසරේ පැවති ඉන්දීය ලෝක සභා මැතිවරණයට තරග වැදීමෙන් වැලකුණ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නව රජයෙන් ද ඉවත් විය.

සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දීය විදේශ අමාත්‍යංශයට ලඟාවීමට ජනතාවට අවස්ථාව සැලසු ජනප්‍රිය දේශපාලඥයකු වූ ඈ අදහස් හුවමාරු කරගැනීමේ දක්ෂතාවය පළ කළ සාර්ථක සන්නිවේදකයකු ලෙස ද සැලකේ.

1953 වසරේ හර්යානා ප්‍රාන්තයේ අම්බාලා කාන්ට්හිදී උපත ලැබූ සුශ්මා ස්වරාජ්, පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් නීතිය උපාධිය හිමිකරගත් සුශ්මිතා දේශපාලනයට පිවිසෙන්නේ, 1977 වසරේදී හර්යානා ප්‍රාන්ත මන්ත්‍රීවරියක ලෙසයි.

දිල්ලියේ ප්‍රධාන අමාත්‍ය ධූරයට පත් ප්‍රථම කාන්තාව වන්නේ ද සුශ්මා ස්වරාජ් ය.  දේහය පිළිබඳ ආදාහනය අද පස්වරු 3.00 සිදු කිරීමට නියමිතයි.