ලංකාව ඇතුළු රටවල් 12 කට සෞදියෙන් සංචාරක තහනමක්

ලංකාව ඇතුළු රටවල් 12 කට සෞදියෙන් සංචාරක තහනමක්

ශ්‍රී ලංකාව ඇතුලු ආසියානු සහ අප්‍රිකානු කලාපීය රටවල් 12කටත්, යුරෝපයේ බොහෝ රටවල් සඳහාත් තාවකාලික සංචාරක තහනමක් පැනවීමට සෞදි අරාබිය තීරණය කර තිබේ.

අදාළ රටවල් අතරට ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, පිලිපීනය, සුඩානය, ඉතියෝපියාව, දකුණු සුඩානය, එරිත්‍රියාව, කෙන්යාව, ජිබුටි රාජ්‍යය, සෝමාලියාව සහ ස්විට්සර්ලන්තය ද ඇතුළත්.

ඔවුන් එම තීරණයට එළඹ ඇත්තේ, රට තුළ වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 45 දක්වා ඉහළ යාමත් සමඟයි.