ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට වසර 11කි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට වසර 11කි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුණේ 2009 ජනවාරි 08 වැනිදා රත්මලාන ගුවන්තොටුපළ ආශ්‍රිත අධිආරක්ෂක කළාපයේදීය. යුද්ධය දරුණු ලෙස පැවති බැවින් දැඩි ආරක්ෂාවක් තරකර තිබුණු වටපිටාවක ඔහුව ඝාතනය කළ නාඳුනන තුවක්කුකරුවා කිසිදු සළකුණක් හෝ නොතියාම ආරක්ෂිත ලෙස පළාගොස් තිබිණි. එවන් හපන්කමක් එකළ කළහැකි වූයේ ආරක්ෂාව පිළිබඳ ඉහළම පුද්ගල

යින්ගේ ආශිර්වාදයෙන් ම පමණකි. එපමණක් නොව ඝාතනය පිළිබඳව පරීක්ෂණ ද අමුතුම ආකාරයෙන් කෙරුණු අතර අත් අඩංගුවට ගත් පුද්ගලයෙකුද පොලිස් කූඩුව තුළම සියදිවි හානිකරගත්තා අපට මතකය.

ඒ වනවිටත් සන්ඩේ ලීඩර් පුවත්පත විසින් අනාවරණය කෙරුණු 'මිග්' ගණුදෙනුව නිසාවෙන් ගෝඨාභය රාජපක්ෂ ලසන්ත කෙරෙහි කිපී සිටි බැවින් වන්දි ඉල්ලා නඩුවක් පවරා තිබුණු අතර ලීඩර් පුවත් පතට එරෙහිව තමාගේ ප්‍රවෘත්ති පළකිරීම සම්බන්ධයෙන් වාරණ නියෝගයක්ද ලබාගෙන තිබිණි. ඝාතනයත් සමඟ ලසන්තගේ පවුල් ජීවිතයට අදාල තොරතුරු ඇදබාමින් රාජපක්ෂ හිතවාදී මාධ්‍ය චරිත ඝාතන මෙහෙයුමක නියළුණු අතර ම මහින්ද රාජපක්ෂ ද ලසන්තගේ සහ තමන්ගේ සමීප සම්බන්ධකමක් තිබුණු බව කියමින් ලසන්ත දෙබිඩි චරිතයක් ලෙස හැඟෙවෙන පරිදි හැසිරුණේය.

ඝාතනයෙන් පසුව ඒ පිළිබඳව විමසීමේදී වත්මන් ඒවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය ඉතාමත් නරුම ලෙස විමසුවේ 'Who is Lasantha' "කවුද ලසන්ත කියන්නේ?" කියා ය.

මේ සියල්ල සිදුවූයේ මහින්ද ජනපතිව සිටි සමයයි. තම පවුලට එල්ල වී තිබුණු චෝදනාවෙන් ගැළවීමට හෝ ඔවුන් පරීක්ෂණයක් නොකළේ ඇයි ? එතරම්ම ජාත්‍යන්තර අපකීර්තියක් පවා දරාගෙන මෙතරම් කලක් ඔහේ සිටියේ ඇයි ?

අනෙක් අතින් මහින්දගේ චෝදනාව රනිල් වික්‍රමසිංහ වෙත යොමුකරන්නට අප ද කැමතිය. අපි මීට පෙරද මෙය ඇසූවෙමු. 2009 යුද්ධය ජයග්‍රාහී ලෙස ඇදෙමින් විපක්ෂය හතරගාතයෙන් ඇදදමා තිබුණු මොහොතක පවා තියුණු ආණ්ඩු විරෝධයක් මතු කෙරුණු පළමු මොහොත ලසන්ත ඝාතනයයි. සාටකයා - ඝාතකයා ලෙස සඳහන් පුවරු රැගෙන ජනතාව වීදිබැස්සේ ලසන්තගේ අවමඟුල දා ය.

එදා පටන් විපක්ෂයේ සෑම මැතිවරණ වේදිකාවකම ලසන්ත ඝාතනය ගැන ද කියැවිණි. එහෙත් ඒ බලය ලබාගන්නා තුරු පමණක්ද ? මෛත්‍රී ජනාධිපතිද අගමැති රනිල්ද අවුරුදු 5ක දූරකාලය අවසන් වී ආණ්ඩුව යළිත් පෙර කී බියකරු රාජපක්ෂලා අතට පත් වනතෙක්ම නිහඬ පිළිවෙතක් දැරුවේ ඇයි..?

ලසන්ත ඝාතනය පිළිබඳව සිය බලය අහිමිවන තුරුම බබා පාට් දැමූ මහින්ද මෙන් ම බලය ලැබුණු පසුව අමතක පාට් දානා රනිල්ද එකලෙසම පෙන්වූයේ බලය යන සංකල්පය ඉදිරියේ අන් දෑ කෙරෙහි තමුන්ගේ පවත්නා නරුමකමද?