ජාත්‍යන්තර තලයේ අල්ට‍්‍රා ටෙක් සිමෙන්ති කොට්ටයක් දැන් රු. 950 ක් පමණයි.

ජාත්‍යන්තර තලයේ අල්ට‍්‍රා ටෙක් සිමෙන්ති කොට්ටයක් දැන් රු. 950 ක් පමණයි.

ඉදිරිකිරීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයන්ගේ නොසැලෙන විශ්වාසය දිනූ අල්ට‍්‍රා ටෙක් සිමෙන්ති :(Ultra Tech Cement) දැන් රු. 950 කට මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වී ඇත.

VAT බදු අඩු වීමේ සහ NBT බදු ඉවත් වීමේ වාසිය ජනතාවට ලබාදීමට අමතරව, පාරිභෝගික සේවා අධිකාරිය මගින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය සැලකිල්ලට ගනිමින් මේ ආකාරයට සිමෙන්ති කොට්ටයක් රු. 950 ක මිලකට පාරිභෝගිකයන්ට ලබාදීමට අල්ට‍්‍රා ටෙක් සිමෙන්ට් ලංකා (පුද්.) සමාගම පියවර ගෙන තිබේ.

එමෙන්ම සුපුරුදු පරිදි අලෙවියට පෙර සහ අලෙවියෙන් පසු ජනතාවට විශිෂ්ට සේවාවක් සැලසීමට මෙන්ම අවශ්‍ය අවස්ථා වලදී තාක්ෂණික සහය ලබාදීමට අල්ට‍්‍රා ටෙක් සිමෙන්ට් ලංකා (පුද්.) සමාගම සූදානමින් සිටී.

අල්ට‍්‍රාටෙක් සිමෙන්ට් ලංකා (පුද්.) සමාගම යනු ලොව තුන්වැනි විශාලතම (චීනය හැර) සිමෙන්ති සමාගම වන සීමාසහිත අල්ට‍්‍රාටෙක් සිමෙන්ට් සමාගමට (UltraTech Cement Limited)අනුබද්ධ සමාගමකි. එහි වාර්ෂික සිමෙන්ති නිෂ්පාදන හැකියාව මෙට්‍රික් ටොන් 117 කට අධික ය. මේ වනවිට අල්ට‍්‍රා ටෙක් සිමෙන්ට් ලංකා සමාගමේ නිෂ්පාදන මෙරට ඉංජිනේරුවන් හා ව්‍යාපෘති පාරිභෝගිකයන්ගේ ප‍්‍රමුඛතම තේරීමක් බවට පත්වී ඇත.

සීමාසහිත අල්ට‍්‍රාටෙක් සිමෙන්ට් සමාගම ඉන්දියාවේ විශාලතම අළු සිමෙන්ති, රෙඩි මික්ස් සිමෙන්ති සහ සුදු සිමෙන්ති නිෂ්පාදක සමාගම වේ. අල්ට‍්‍රාටෙක් යනු ශක්තිය, විශ්වාසනීයත්වය සහ නව්‍යකරණය යන ගුණාංග පදනම් කරගත් සන්නාමයකි. එය ඉංජිනේරුවන්ට සාම්ප‍්‍රදායික සීමාමායිම් ඉක්මවා යමින් නව කඩඉම් සලකුණු කිරීම සඳහා තම නිර්මාණශීලී චින්තනයන්ට ගැළපෙන ආකාරයේ නිවාස, ගොඩනැගිලි සහ වෙනත් ඉදිකිරීම් නිර්මාණය කිරීමට පිටුබලය සපයයි.

අල්ට‍්‍රාටෙක් සිමෙන්ට් යනු ත්‍දරඑමබැ 500 සමාගමක් වන, ඇමරිකානු ඩොලර් බිලියන 48.3 ක වටිනාකමකින් යුත් ආදිත්‍ය බිර්ලා සමූහ ව්‍යාපාරයට (Aditya Birla Group) අනුබද්ධ සමාගමකි. ජාතීන් 42 කට අයත් 120,000 කට අධික කාර්ය මණ්ඩලයක් සේවය කරන එම සමූහ ව්‍යාපාරය සියලූම පාර්ශ්වකරුවන්ට පුළුල් වටිනාකම් තිළිණ කරන ශක්තිමත් පදනමක් මත ක‍්‍රියාත්මක වේ. දශක හතකට අධික කාලයක් තිස්සේ වගකීම් සහගත ව්‍යාපාරික ක‍්‍රමවේද ඔස්සේ එම සමූහ ව්‍යාපාරය ලෝහ, පල්ප්, ෆයිබර්, රසායන ද්‍රව්‍ය, ඇඟලූම්, කාබන් බ්ලැක්, දුරකථන සහ සිමෙන්ති යනාදී ක්ෂේත‍්‍ර රාශියක් වෙත ව්‍යාප්ත වී ඇත. මේ වනවිට එම සමූහ ව්‍යාපාරය උතුරු හා දකුණු ඇමරිකාව, අප‍්‍රිකාව සහ ආසියාව යන කලාප වල රටවල් 36 ක් වෙත ව්‍යාප්ත වී ඇති අතර එහි සමස්ත ආදායමෙන් 50% කට වැඩි ප‍්‍රතිශතයක් ලැබෙනුයේ මෙම විදේශ ව්‍යාපාර කටයුතු වලිනි.