‘වීරා’ Roofing ‘පුරුදු රැල්ල දැන් ඕනෑම දිගකින්

‘වීරා’ Roofing ‘පුරුදු රැල්ල දැන් ඕනෑම දිගකින්

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පෙරළිකාර හා පරිසර හිතකාමී නිෂ්පාදන රුසක් මෙරටට හඳුන්වාදුන් Idea සමූහ ව්‍යාපාරයේ නවතම නිෂ්පාදනයවන ‘වීරා’ Roofing ඕනෑම දිග ප‍්‍රමාණයකින් සැපයිය හැකි ආකාරයට පසුගියදා තම කටානේ පිහිටි කර්මාන්තශාලාවෙහි පහසුකම් සළසනු ලැබීය.

පසුගිය සැප්තැම්බර් මාසයේදී කොළඹ පැවැති Construct – 2018 ප‍්‍රදර්ශන භූමියේදී වෙළෙඳපොලට හඳුන්වාදුන් ‘වීරා’ Roofing ඉතාමත්ම කෙටි කළක් තුළ මෙරට පාරිභෝගිකයන් වැඩිම උනන්දුවක් දක්වන සෙවිලි නිෂ්පාදනය බවට පත්වූයේ එය මෙරට වෙළෙඳපොලෙහි අලෙවි කෙරෙන සෙසු සෙවිලි නිෂ්පාදනවල වූ සියලූ දුර්වලතා මග හරිමින් විශේෂිත Polymer හා ASA සංයෝගයකින් නිමවූවක් වීම හා දිවයින පුරා පිහිටි ඕනෑම හාර්ඞ්වෙයාර් අලෙවිසලකින් මිලදීගත හැකිවීමෙනි.

එහෙයින් ‘වීරා’ Roofing තම වහලයේ දිගට අනුව ලබාගත හැකිදැයි පාරිභෝගිකයන් කළ බොහෝ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඕනෑම දිගකින් සෙවිලි සැපයීමට Idea සමාගම තීරණය කෙරුණි. ඒ අනුව ‘වීරා’ Roofing දිග් අඩිය රුපියල් 98 සිට දැන් පාරිභෝගිකයන්ට ලබාගත හැක.

මෙරට පාරිභෝගිකයන්ට වඩාත් හුරුපුරුදු ඇස්බැස්ටෝස් හැඩයට සමාන පුරුදු රැල්ලකින් යුත් ‘වීරා’ Roofing දැන් ඕනෑම දි`ගකින් ලබාගත හැකිවීමෙන් එය සවිකිරීම පහසුවන්නා සේම වහලයට කදිම නිමාවක් එක් කෙරේ. එමෙන්ම සෙවිලි සවිකිරීමේදී දිග අතට over Lap කිරීම අනවශ්‍යවීමෙන් ජලය කාන්දුවීමද සිදු නොවේ.

තවද ශරීරයට අහිතකර ඊයම් රහිත ඉතා ආරක්ෂාකාරී නිෂ්පාදනයක් වන මෙම ‘වීරා’ Roofing යකඩ සංයෝග අඩංගු නොවීමෙන් මළබැදීමකින් තොර වූවක් හෙයින් මුහුදුබඩ හා නිතර වැසි වසින ප‍්‍රදේශයන් හි වහලය සෙවිලිකිරීමට වඩාත් යෝග්‍ය වූවකි. නිෂ්පාදන කි‍්‍රයාවලි විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන ජාත්‍යන්තර ISO 9001:2015 ප‍්‍රමිති සහතිකය යටතේ නිපදවන ‘වීරා’ Roofing වර්ග මීටරයක් මත කිලෝග‍්‍රෑම් 200ක බරක් දරාගත හැකි ශක්තියකින් යුත් නිෂ්පාදනයක් වන අතර, ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ වර්ණය වෙනස් නො වන්නකි.

වර්ණ ගන්වන ලද ඇස්බැස්ටෝස් මිලටම රතු, තද දුඹුරු හා තද කොළ පැහැයෙන් ලබාගත හැකි ‘වීරා’ Roofing වර්ණය වෙනස්වීමක් සිදු නොවීමෙන් එය මත යළි වර්ණ ගැන්වීම අවශ්‍ය නොවන වැස්සේදී අධික ඝෝෂාකාරී හ`ඩ නොනගන්නකි.

100%ක්ම දේශීය නිෂ්පාදන රැසක් වෙළෙඳපොලට හඳුන්වාදෙන Idea සමූහ ව්‍යාපාරය ඉතා කෙටි කළක් තුළ දැවැන්ත සාර්ථකත්වයක් හිමිකරගත් සමාගමකි. එමෙන්ම ඕනෑම ආර්ථික පසුබිමකට ගැලපෙන ගෘහ අලංකරණ අවශ්‍යතාවන් ඉටුකරදෙන දීප ව්‍යාප්ත ‘සිවිලිම’ ප‍්‍රදර්ශනාගාර 400කට වැඩි ප‍්‍රමාණයක් සතු එම සමාගමේ ප‍්‍රදර්ශනාගාර ජාලය ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ පෙරළියක් ඇති කළ මෙරට විශාලතම ප‍්‍රදර්ශනාගාර ජාලයද වේ.

එහෙයින් මෙරට පුරා විසිරුණු ඕනෑම පාරිභෝගිකයෙකුට තම නිවස හෝ ගොඩනැගිල්ල අලංකරණය කරගැනීමට අවශ්‍ය නිෂ්පාදන එමගින් පහසුවෙන් මිලදීගත හැකිවීම විශේෂත්වයකි. තවද Idea සමූහ ව්‍යාපාරයේ සියලූ නිෂ්පාදන ප‍්‍රමිතියෙන් උසස් අමුද්‍රව්‍ය යොදාගනිමින් මෙරට පිහිටි එම සමාගමේ කර්මාන්තශාලාවලම නිපදවන හෙයින් ඒවායේ සෞඛ්‍යාරක්ෂිතබව හා පරිසර හිතකාමීබව සහතික කෙරේ.

2013 වසරේදී මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වාදුන් අයිඩියා සමූහ ව්‍යාපාරයේ ‘සිවිලිම’ වසර 5ක් වැනි කෙටි කාලයක් තුළ මෙරට ඉහළ වටිනාකමකින් යුත් වෙළෙඳ සන්නාමයක් බවට පත්වූ අතර එම ‘සිවිලිම’ සන්නාමය යටතේ i-Panel හා i-Roof ප‍්‍රමුඛව තවත් නිෂ්පාදන විශාල සංඛ්‍යාවක් නිපද වේ.