අසාධ්‍යව සිටි රෝගියෙකු බෙරා ගත් චයිනීස් ඩ්‍රැගන් සමාගමෙහි Delivery Captain

අසාධ්‍යව සිටි රෝගියෙකු බෙරා ගත් චයිනීස් ඩ්‍රැගන් සමාගමෙහි Delivery Captain

ශ‍්‍රී ලංකාවට චීන අවන්හල් සම්ප‍්‍රදාය හඳුන්වාදුන් පුරෝගාමී හා ප‍්‍රමුඛතම සමාගමවන ‘චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ පුද්. සමාගම’ ^Chinese Dragon Cafe (Pvt) Ltd& තම බෙදාහැරීම් කටයුතු අතරතුරේදී තම පාරිභෝගි‍යෙකුගේ ජීවිතය බේරාගත් නාවල ශාඛාවෙහි බෙදාහරින්නෙකුවන (Delivery Captain) නිලන්ත සමන් කුමාරට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා එම සමාගම් ප‍්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණි.

ඔහු විසින් විදේශිකයෙකුගෙන් කරන ලද ආහාර ඇණවුමක් භාරදීමට නිවසකට ගොස් ඇති අතර . එම නිවසේ හදිසි රෝගී තත්ත්වයකින් වැටී සිටි පුද්ගලයෙකු දැක අසාධ්‍යව මිය යා හැකිව තිබූවෙකුගේ ජීවිතය බේරාගෙන තිබුණි.

උදාර මානව දයාවෙන් පිරි සද්කාර්යයක් සිදු කළ තම සමාගමේ නායක බෙදාහරින්නෙකු වන නිලන්ත සමන් කුමාර ද සිල්වට චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ සමාගම විසින් එම සාඩම්බර කාර්යය වෙනුවෙන් උපහාර පුදමින් ඔහුට රුපියල් පනස්දහසක මුදල් පරිත්‍යාගයක්ද සිදු කෙරුණි.

තම සමාගමේ නායක බෙදාහරින්නෙකුවන නිලන්ත සමන් කුමාර ද සිල්වා විසින් සිදු කළ ආදර්ශමත් මානව හිතවාදී කාර්යයට උපහාර පිදීමේ උත්සවය අමතමින් ‘චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ’ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, උදේශී මහතා පැවසුවේ, ‘මෙවැනි මානව දයාවෙන් පිරි කාර්යය සිදුකරන ‘නිලන්ත වැනි සේවකයන් අප සමග සේවයකිරීම සමාගමට සාඩම්බරයක් බවයි.

විශේෂයෙන්ම පාරිභෝගිකයන්ට ඉහළම සේවයක් ලබාදීමට සැමවිටම කැපවූ අප සමාගමේ සේවකයෙකු ඉතා බුද්ධිමත් හා ස්ථානෝචිත ප‍්‍රඥාව මෙහෙයවමින් වෙනස් ආකාරයක පාරිභෝගික සේවාවක් සැපයීම අප දැඩිව අ`ගයනවා. මන්ද එම වියපත් පුද්ගලයාගේ ජීවිතය බේරුණේ ඔහු කටයුතු කළ ප‍්‍රශංසනීය ආකාරය හේතුවෙනුයි.

එමෙන්ම ආහාර ඇණවුම් භාරදීමට නිවෙස් වෙත යන විට නොසිතන ආකාරයේ සිදුවීම්වලට මුහුණදීමට සිදුවිය හැකිබව මෙම සිද්ධියෙන් සනාථවන අතර එවැනි අවස්ථාවකදී නිවැරදි බුද්ධිය මෙහෙයවා කටයුතු කළ යුතු ආකාරය එම කාර්යයෙහි නිරත සෙසු කාර්ය මණ්ඩලයටත් ආදර්ශයක්.’ යන්නය.

වසර 77ක් පුරාම චීන ආහාර රසවිඳින්නන්ගේ අගනුවර පි‍්‍රයතම චීන අවන්හල් ජාලයවන්නේද ‘චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ’ සමාගමය. එහි ශාඛා බම්බලපිටිය, රත්මලාන, රාජගිරිය, කොළඹ කොටුව, වත්තල, පැලවත්ත, නාවල හා නුගේගොඩ පිහිටා තිබේ.