‘කොහොඹ බේබි’ නව සුවඳකින් වෙළෙඳපොලට

‘කොහොඹ බේබි’ නව සුවඳකින් වෙළෙඳපොලට

ශී‍්‍ර ලංකාවේ ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමවන කදානේ සීමාසහිත ස්වදේශී කර්මාන්තායතනය නිපදවන ශී‍්‍ර ලංකාවේ අංක එකේ ශාකසාර ළදරු සනීපාරක්ෂක නිෂ්පාදනය වන ‘කොහොඹ බේබි’ සබන් තවත් ශාකසාර රැසක යහගුණය එක් කරමින් නව සුවඳකින් හා නව ඇසුරුමකින් පසුගියදා වෙළෙඳපොලට නිකුත් කෙරුණි.

ඒ අනුව කොහොඹ ශාකසාරය පදනම් කරගත් ‘කොහොඹ බේබි’ නිෂ්පාදන පෙළ පොල්කිරි, කෝමාරිකා, ඔලිව් තෙල්, රත්මල්, රෝස වතුර හා වෙනිවැල් සාරය එක් කරමින් එහි ගුණාත්මකබව තවදුරටත් වර්ධනය කර ඇතැයි ස්වදේශී සමාගම පවසයි.

‘කොහොඹ බේබි’ නිෂ්පාදන පෙළ සබන්, කොලෝන්, කී‍්‍රම්, පුයර, ෂැම්පු, ඔයිල් හා ගිෆ්ට් පැක්වලින් සමන්විත වන අතර, එය පර්යේෂණ මගින් යහගුණය තහවුරු වූ නව ශාකසාර එක් කරමින් දිනෙන් දින ප‍්‍රමිතිය වර්ධනය කරන දේශීය වෙළෙඳපොලෙහි අලෙවි කෙරෙන එකම ශාකසාර ළදරු සනීපාරක්ෂක වෙළෙඳනාමයද වේ. එමෙන්ම මනා සෞඛ්‍යය, සනීපාරක්ෂිතබව, සුරක්ෂිතබව හා සමෙහි සුමුදු බවෙහි වර්ධනයට උපකාරීවන සොබාදහමට හිතකාමී නිෂ්පාදන කෙරෙහි වඩාත් උනන්දුවක් දක්වන නව පාරිභෝගික කොටස වෙත ස්වදේශී නිෂ්පාදන වර්තමානයේ වඩාත් යොමුවෙන අතර මෙම නව හඳුන්වාදීමද එහි එක් පියවරකි.

මෙම නව ‘කොහොඹ බේබි’ නිෂ්පාදන පෙළ හඳුන්වාදීම සම්බන්ධයෙන් ස්වදේශී සමාගමේ ප‍්‍රකාශිකාවක පැවසුවේ, වසර 1941 සිට සුමුදු ශාඛසාර සබන් නිපදවන තම සමාගම මෙරට පරම්පරා ගණනාවක් ළදරුවන්ට සුමුදු, පවිත‍්‍ර හා තෙමනය සහිත සමක් හිමිකරදීමට භාවිතා කළ සොබාදහමේ දායාදයන්වන කොහොඹ, පොල්කිරි, වෙනිවැල්, කොමාරිකා, රත්මල්, රෝස වතුර හා ඔලිව් තෙල් වැනි ශාකසාර එක්කරමින් ‘කොහොඹ බේබි’ නිෂ්පාදනය මිලදීගන්නා පාරිභෝගිකයන්ට එහි අගය තවත් වැඩිකර ඇති බවය.

සුදු, රෝස හා අයිවරි පැහැ ආකර්ෂණීය ඇසුරුම්වලින් වෙළෙඳපොලට නිකුත් කළ නව ‘කොහොඹ බේබි’ සබන් නිෂ්පාදන පෙළෙහි නව Khomba Baby Herbal Soap හි කොහොඹ, පොල්කිරි, කෝමාරිකා හා ඔලිව් තෙල් සාරය, Khomba Baby Floral Soap හි කොහොඹ, රත්මල්, රෝස වතුර හා ඔලිව් තෙල් සාරය හා Khomba Baby Venivel Soap හි කොහොඹ, වෙනිවැල් හා ඔලිව් තෙල් සාරය අන්තර්ගත වේ.

මෙම නව ‘කොහොඹ බේබි’ සබන් නිෂ්පාදන පෙළෙහි අන්තර්ගත කොහොඹ මගින් දරුවාගේ සම ස්වභාවිකවම විෂබීජවලින් ආරක්ෂා කරන අතර, පොල්කිරි සාරයෙන් සමෙහි තෙතමනය රැක දී සම වඩාත් සුමුදු හා සුසිනිදු බවට පත් කෙරේ. ළදරු සබන් සඳහා සමෙහි තෙතමනය ආරක්ෂා කරන ‘මොයිස්චර්රයිසින්’ විශේෂයක් එක්කිරීමට වඩා පොල්කිරි සාරය එක්කිරීම වඩාත් ඵලදායි වේ. මන්ද බිළිඳු සබන් සඳහා භාවිතාකරන පොල්කිරි සාරය සමෙහි වියළිබව, ආසාත්මිකතා හා රත්පැහැවීම්වලට එරෙහිව කි‍්‍රයා කර සම සුසිනිදු කරනු ඇත. සියවස් ගණනකට පෙර අතීතයේ ශී‍්‍ර ලාංකේය මව්වරුන් තම බිළිඳු දරුවන් කිරි බඳුනක තබා නෑවීමට පුරුදුව සිටියේ මෙම සුවිශේෂී ගුණාංගය හේතුවෙනි. එමෙන්ම කෝමාරිකා මගින් සමෙහි තෙතමනය සුරකින අතර, රත්මල් බිළිඳු සම වඩාත් සුමුදු කරවයි. තවද ඔලිව් තෙල් ස්වභාවික විටමින් E වලින් පෝෂණය වූවක් හෙයින් එමගින් බිළිඳු සම පෝෂණය කෙරේ.

නව ‘කොහොඹ බේබි’ සබන් නිෂ්පාදන මගින් විවිධ බාහිර උපද්‍රවවලින් දරුවාගේ සම ආරක්ෂා කර අත්‍යාවශ්‍ය පෝෂණය සමට ලබාදේ. එහෙයින් සම සුරකින හා පෝෂණය කරන විශිෂ්ටතම ශාකසාර එකතුවක් සම`ග සම මත සුමුදු සුගන්ධයක් රඳවන දේශීය වෙළෙඳපොලෙහි වූ එකම ළදරු සබන් වෙළෙඳනාමය වන්නේ ‘කොහොඹ බේබි’ සබන්ය. ස්වදේශී සමාගම පවසන පරිදි වෙළෙඳපොලට හඳුන්වාදුන් ‘කොහොඹ බේබි’ සබන් පෙළ බිළිඳු දරුවන්ට අත්‍යාවශ්‍ය සුවපහසුවක්  වූ සම පිරිසිදු කිරීමෙන් නිරෝගී හා සුමුදු කරවන්නට වඩාත් කැපවූවකි.

එමෙන්ම ‘කොහොඹ බේබි’ සබන් හි ප‍්‍රමුඛ අමුද්‍රව්‍යවන කොහොඹ සියවස් ගණනක් පුරා මෙරට මව්වරුන් භාවිතා කරන ලද්දක් වන අතර සම සුරකින්නක් ලෙස සනාථ වූවකි. තවද දේශීය ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ විශේෂඥ සමාගම ලෙස ස්වදේශී සමාගම 77 වසරක් පුරා ප‍්‍රමිතියෙන් විශිෂ්ටතම ශාකසාර එකතුවක් නවීනතම තාක්ෂණයෙන් නිපදවා මෙරට පාරිභෝගිකයන්ට තිළිණ කරනු ලැබීය.

ස්වදේශී සමාගමේ ප‍්‍රකාශිකාව තවදුරටත් පැවසුවේ, ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදන සමාගම ලෙස අප නිෂ්පාදන කි‍්‍රයාවලිය හා භාවිතා කරන අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙරට පාරිභෝගිකයන් දැනුවත්කිරීම සමාගමේ යුතුකමක් හා වගකීමක් වන බවය. ස්වදේශී සමාගමේ සියලූ නිෂ්පාදන සඳහා භාවිතා කරන්නේ විශිෂ්ටතම ශී‍්‍ර ලාංකික ශාකසාර වන අතර එම අමුද්‍රව්‍ය සියල්ලක්ම දැඩි පර්යේෂණයට බඳුන් කෙරේ. තවද සියලූ නිෂ්පාදන වෙළෙඳපොලට නිකුත්කිරීමට පෙරද දැඩි පරීක්ෂාවකට ලක් කෙරෙන අතර, එම සියලූ නිෂ්පාදන 100%ක්ම සත්ත්ව තෙල්වලින් තොරවන අතර සත්ත්ව පරීක්ෂණවලින්ද තොර වේ.

කදානේ සීමාසහිත ස්වදේශී කර්මාන්තායතනය විශිෂ්ට කළමනාකරණ පද්ධතිය වෙනුවෙන් ISO 9001:2015 ජාත්‍යන්තර ප‍්‍රමිති සහතිකය ලත් දේශීය ආර්ථිකය ශක්තිමත් කරන දේශීය සමාගමකි. කීර්තිමත් ස්වදේශී නිෂ්පාදන පෙළ අතරට කොහොඹ ඔරිජිනල්, කොහොඹ ඩියෝෆේ‍්‍රෂ්්, රාණී සඳුන්, රාණී රෝස්, කොහොඹ බේබි, සේෆ්ප්ලස්, අප්සරා, පර්ල්වයිට්, ලක්බාර්, ලේඩි, බ්ලැක් ඊගල් (පර්ෆියුම් හා ආෆ්ටර් ෂේව්&, ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ හා දේශීය වෙළඳපොලේ එකම ළමා සනීපාරක්ෂක නිෂ්පාදන පෙළ ලිට්ල් පි‍්‍රන්සස් අයත් වේ.

ස්වදේශීි සමාගමේ ප‍්‍රමුඛතම සන්නාම අතරට ශාකසාර සබන් නිෂ්පාදනයේ ප‍්‍රමුඛයා කොහොඹ ශාකසාර සබන් හා සඳුන් සබන් අතර ප‍්‍රමුඛයා රාණී සඳුන් සබන් අයත් වේ.