කැලණි කේබල්ස් අලංකාර විදුලි පංකා පෙළක් හඳුන්වා දෙයි

කැලණි කේබල්ස් අලංකාර  විදුලි පංකා පෙළක් හඳුන්වා දෙයි

ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම, තම නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරමින් Kelani Breezer නමින් විශිෂ්ට නිමාවකින් හා අලංකාර හැඩයකින් යුත් විදුලි පංකා පෙළක් මෙරට වෙළෙඳපොලට පසුගියදා හඳුන්වා දුණි.

Kelani Breezer විදුලි පංකා වෙළෙඳපොලට හඳුන්වාදීමේ උත්සවය කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අතර එහිදී පළමු Kelani Breezer විදුලි පංකා තොගය රත්මලානේ ‘ටෙකෝසා ඉලෙක්ටි‍්‍රකල්ස්’ සමාගමේ අධිපති, ඞී වී ප‍්‍රසන්න විතානගේ මහතාට අලෙවි කෙරුණි. කැලණි කේබල්ස් සමාගමේ නිෂ්පාදන අලෙවිකිරීමෙහි වැඩි උනන්දුවක් දක්වන ‘ටෙකෝසා ඉලෙක්ටි‍්‍රකල්ස්’ සමාගම Kelani Breezer හඳුන්වාදීමේ අවස්ථාවේදී විදුලි පංකා 200ක් මිලදීගැනීම විශේෂත්වයකි. 

විදුලි පංකා හා විදුලි උපකරණ නිපදවීමෙහි ලොව ප‍්‍රමුඛතම සමාගමක් වන ඉන්දියාවේ  Havells විසින් කැළණි කේබල්ස් සමාගම වෙනුවෙන්ම නිපදවන මෙම Kelani Breezer විදුලි පංකා සුවිශේෂී විශේෂාංග රැසකින් සමන්විත වූවකි. තවද ලෝක ප‍්‍රකට Havells නිෂ්පාදන ලොව පුරා රටවල් 50කට වැඩි සංඛ්‍යාවක අලෙවිකිරීමද විශේෂත්වයකි. එමෙන්ම ඒ අතර අවම විදුලි වෝල්ටීයතාවක් යටතේ වූවද නිසි ලෙස කි‍්‍රයාත්මකවන මෙම zKelani Breezer විදුලි පංකා සඳහා දෙවසරක පූර්ණ වගකීමක් පිරිනැමේ.

එමෙන්ම එම විදුලි පංකාවල තවත් සුවිශේෂත්වයක් වන්නේ එහි වූ Safety Chain මගින් යම් හෙයකින් පංකාව ගැලවී ගියද එය පහළට නොවැටීමය. සුළං පෙතිවල නියමිත ආනතය තිබීමෙන් කදිම සුළං සැපයුමක් සහතික කෙරේ. එමෙන්ම වෙළෙඳපොලෙහි අලෙවි කෙරෙන බොහෝ විදුලි පංකාවල සුළං පෙති මළ බැදෙන ලෝහයෙන් තනා තිබුණද Kelani Breezer විදුලි පංකාවල සුළං පෙති සේම මෝටරයේ ඉහළ හා පහළ කොටස් ඇළුමේනියම් නිමාවකින් යුතුවීමෙන් එය මළ බැඳීමක් හෝ අවපැහැවීමක් සිදු නොවේ. මෙම විදුලි පංකාවල ද්විත්ව බෙයාරින්ග් යොදා තිබීමෙන් ඉතා සෞම්‍ය හා දිගුකල් පවතින කි‍්‍රයාකාරීත්වයකින් යුක්තය.  

කැලණි කේබල්ස් සමාගමේ නවතම හඳුන්වාදීම වන Kelani Breezer විදුලි පංකා මෙරට වෙළෙඳපොලට හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරී, අනිල් මුණසිංහ මහතා පැවසුවේ, ‘කැලණි කේබල්ස් නිෂ්පාදන විශිෂ්ටත්වය සම්බන්ධයෙන් මෙරට පාරිභෝගිකයන්ගේ නොමඳ විශ්වාසය දිනාගත් වෙළෙඳනාමයක්. එහෙයින් කැලණි කේබල්ස් සමාගම යම් නිෂ්පාදනයක් මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වාදෙන්නේ බොහෝ ප‍්‍රවේසමෙන් හා වගකීමෙන් යුතුවයි. ඒ අනුව අප සමාගම පසුගිය වසර කිහිපයේදී මෙරට වෙළෙඳපොලට හඳුන්වාදුන් ‘කැලණි විදුලි බල්බ’ ඇතුළු සෙසු නිෂ්පාදන සියල්ලක්ම ශූණ්‍ය දෝශ වාර්තාවීමක් හා කදිම අලෙවියක් පෙන්නුම් කළා. එයින් දිරිමත් වූ කැලණි කේබල්ස් සමාගම තම නිෂ්පාදන පෙළ පුළුල් කරමින් මෙරට වෙළෙඳපොලට Kelani Breezer විදුලි පංකා පෙළ හඳුන්වා දෙන්නේත් ‘කැලණි කේබල්ස්’ වෙළෙඳනාමයෙහි විශිෂ්ටත්වය රැකගනිමින් ලොව ප‍්‍රමුඛතම විදුලි උපකරණ නිපදවන සමාගමකවන Havells විසින් කැලණි කේබල්ස් සමාගම වෙනුවෙන්ම නිපදවන්නක් ලෙසිනුයි. සුදු, දුඹුරු හා ඇත්දළ පැහැයෙන් යුත් විදුලි පංකා පෙළක් ආරම්භයේදී මෙරටට හඳුන්වාදෙන අප සමාගම ඉදිරි මාස කිහිපයේදී මෙරට පාරිභෝගිකයන්ට නවතම විදුලි පංකා අත්දැකීම් ලබාදෙන විසිතුරු හා නව තාක්ෂණයෙන් යුත් විදුලි පංකා මාදිලි කිහිපයක්ම හඳුන්වාදීමට නියමිතයි.’ යන්නය.

ශී‍්‍ර ලාංකේය විදුලි සම්පේ‍්‍රෂණ හා සන්නිවේදන වයර් නිෂ්පාදනයේ 50වසරක අත්දැකීමෙන් පිරි 100% දේශීය සමාගමකවන කැළණි කේබල්ස් සමාගම, ISO 9001 තත්ත්ව කළමනාකරණ පද්ධති හා ISO 14001 පරිසර කළමනාකරණ සහතිකය ලබා ඇත. එමෙන්ම World Class Global Performance Excellence Awards සම්මානයෙන්ද පිදුම් ලැබූ කැලණි කේබල්ස් සමාගම වසර 2012, 2013, 2016 හා 2017 SLIM Brand Excellence හි B2B අංශයේ රන් සම්මානය, 2018 SLIM Brand Excellence හි B2B අංශයේ රිදී සම්මානය, සේවක පුහුනුව හා සංවර්ධනය වෙනුවෙන් සැපයෙන දායකත්වය වෙනුවෙන් පිරිනැමෙන SLITAD People Development – 2013 රන් සම්මානය, 2016 සමාජ කතිකා හා වැඩපොල සහයෝගීතා රන් සම්මානය, 2015 හා 2018දී SLIM Brand Excellence සම්මාන උළෙලේදී විශිෂ්ටතම ආයතනික සමාජ සත්කාරක වෙළෙඳනාමය ලෙසින් රීදී සම්මානය දිනාගනු ලැබීය.

තවද 2016 National HR Excellence රීදී සම්මානය හා 2015 හා 2016 වසරවලදී ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක සන්නාම සම්මානය දිනාගැනීමට සමත් වූ කැලණි කේබලස් සමාගම ‘ජනාධිපති පරිසර සම්මාන උළෙල - 2016 දී ^Presidential Environmental Awards& විශිෂ්ටතම හරිත වාර්ථාකරණය වෙනුවෙන් පිරිනැමෙන රන් සම්මානයෙන් පිදුම් ලද කැලණි කේබල්ස් සමාගම, 2016දී ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් පිදෙන ජාතික තත්ත්ව සම්මානය හිමි කරගැනීමට සමත් විය. එයට අමතරව එම සමාගම 2015 ජාතික හරිත සම්මානය, GEO Responsibility Award -2014, ‘ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මානය 2012 හා 2013’ හිමිකරගෙන ඇත.

කර්මාන්ත විශිෂ්ටත්ව රන් සම්මානය 2006, 2007 2008 යන වසරවලදී දිනාගත් අතර 2008දී කර්මාන්ත විශිෂ්ටත්ව පළිගු සම්මානය, 2006 හා 2016දී ජාතික තත්තව සම්මානය, 2007දී ටයිකි අකිමොටෝ 5S රන් සම්මානය, 2010දී ජාතික සුරක්ෂිතතා රන් සම්මානය, එමෙන්ම කැළණි කේබල්ස් තිරසාර ආර්ථික, සමාජ හා පාරිසරික සංවර්ධනයට ප‍්‍රතිඥාදෙමින් National Green Reporting System ක‍්‍රමවේදයට අනුගත ශී‍්‍ර ලංකාවේ පළමු සමාගම් කිහිපය අතරට එක්වූ සමාගමකි. තවද පරිසර හිතකාමී හා වෘත්තීය සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් දක්වන විශිෂ්ට දායකත්වය වෙනුවෙන් Responsibile Care ලාංජනය භාවිතාකිරීමේ සහතිකය හිමි සමාගමක් හෙයින් කැලණි කේබල්ස් නිෂ්පාදනවලට අපනයන වෙළෙඳපොලේ විශේෂිත පිළිගැනුමක් හිමිවේ.

ජායාරූප විස්තරය

Kelani Breezer විදුලි පංකා පෙළ මෙරට වෙළෙඳපොලට හඳුන්වාදීමේ උත්සවයේදී කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතා විසින් රත්මලානේ ‘ටෙකෝසා ඉලෙක්ටි‍්‍රකල්ස්’ සමාගමේ අධිපති, ඞී වී ප‍්‍රසන්න විතානගේ මහතාට එහි පළමු විදුලි පංකාව නිල වශයෙන් අලෙවි කළ අවස්ථාව. ^වමේ සිට දකුණට& කැලණි කේබල්ස් සමාගමේ වෙළෙඳනාම ප‍්‍රවර්ධන කළමනාකරු, චන්න ජයසිංහ මහතා, අලෙවි කළමනාකරු ^විදුලි හා බලශක්ති&, රෝහණ වාද්දුවගේ මහතා, කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතා, රත්මලානේ ‘ටෙකෝසා ඉලෙක්ටි‍්‍රකල්ස්’ සමාගමේ අධිපති, ඞී වී ප‍්‍රසන්න විතානගේ මහතා, කැලණි කේබල්ස් සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරී, අනිල් මුණසිංහ මහතා හා සහකාර වෙළෙඳ කළමනාකරු,  දර්ශන ගම්ලත් මහතා