19 වසරකට පසු රිජ්වේ ආර්යා වර්ණ ගන්වන්න පීපල්ස් ලීසිං දායක වෙයි

19 වසරකට පසු රිජ්වේ ආර්යා වර්ණ ගන්වන්න පීපල්ස් ලීසිං දායක වෙයි

මහජන බැංකුවට අනුබද්ධිත ප‍්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සමාගමක් හා මෙරට දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සඳහා කැප වූ පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම විසින් කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ  (ශික්ෂණ) හදිසි අනතරු සේවා අංශය හා ශ‍්‍රවණගාරය පිළිසකර කර වර්ණ පිරියම්කිරීම පසුගියදා සිදු කෙරුණි.

පිළිසකර කළ එම රෝහලේ හදිසි අනතුරු සේවා අංශය හා ශ‍්‍රවණාගාරය රෝහල් අධිකාරියට පැවරීම පීපල්ස් ලීසිං සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි), ලක්සඳ ගුණවර්ධන මහතා, ප‍්‍රධාන කළමනාකරු(අලෙවි), වජිර රාමනායක  හා එම රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය, අජිත් දන්තනාරායන යන අයගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.

එම අවස්ථාවට පීපල්ස් ලීසිං සමාගමේ සමාජ සත්කාරක අංශයේ නිලධාරින්, රිජ්වේ ආර්ය ළමා රෝහල (ශික්ෂණ) නියෝජනය කරමින් හදිසි අනතුරු සඳහා වූ වාට්ටු අංක 13 භාර වෛද්‍ය දුලානී අමරසිංහ, ශ‍්‍ර‍්‍රවණාගාරය භාර නිලධාරී - අජිත් සුසන්ත, හදිසි අනතුරු සේවා අංශය භාර ප‍්‍රධාන හෙද විනීතා රත්නායක ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ළමා රෝහල වන රිජ්වේ ආර්ය ළමා රෝහලෙහි හදිසි අනතුරු සේවා අංශය වෙත දිවයිනේ සිව් දිගින් දිනකට අනතුරුවලට ලක්වූ දරුවන් 150කට අධික පිරිසක් දිනපතා ප‍්‍රතිකාර සඳහා පැමිණෙන අතර එයින් වැඩි පිරිසක් මහමග අනතුරු, පිළිස්සීම්, ආයුධවලින් කැපීම්, සුරතල් සතුන්ගේ සපාකෑම්, තරප්පු පෙළෙන් වැටීම්, විදුලිය ආශ‍්‍රිත අනතුරුවලට ලක්වූවෝ වෙති. 

හදිසි අනතුරු සේවා අංශයට අයත් වාට්ටු අංක 13 පීපල්ස් ලීසිං සමාගම විසින් පින්තාරු කරනු ලැබුවේ දහනව වසරකට පසුව වීම විශේෂත්වයකි.

මේ අනුව එම රෝහලේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් අංශය, හදිසි ප‍්‍රතිකාර අංශය, එන්නත් කාමරය, මව්වරුන්ගේ කාමරය, පාමසිය, වාට්ටු භාර වෛද්‍යවරුන්ගේ කාමරය හා හෙද නිලධාරීන්ගේ කාමරය හා රෝගී ප‍්‍රතිකාර කාමරය ඇතුලූ හදිසි අනතුරු අංශයට ප‍්‍රවේශය අවශ්‍ය පිළිසකර කිරීම් වලින් අනතුරුව වර්ණ ගන්වන ලදී.

එමෙන්ම හදිසි ප‍්‍රතිකාර කාමරයේ දරුවන් වැඩි කාලයක් රඳවාගැනීම පහසුවීමට එහි සීලිමෙන් චිත‍්‍ර ඇදීම පීපල්ස් ලීසිං සමාගම විසින් සිදු කළ අතර, එම ළමා රෝහලෙහි හදිසි අනතුරු සේවා අංශයේ පිවිසුම වඩාත් පහසුවෙන් හඳුනාගත හැකිවන පරිදි එහි විදුලි ආලෝකය සහිත නාම පුවරුවක් සවි කෙරුණි.

පීපල්ස් ලීසිං සමාගම විසින් අවශ්‍ය පිළිසකරකිරීම් සිදුකර වර්ණ ගැන්වීම කළ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි ශ‍්‍රවණාගාරයද දෙස් විදෙස් සෞඛ්‍ය සේවාවට සම්බන්ධ වෘත්තිකයන් වෙනුවෙන් සම්මන්ත‍්‍රණ, වැඩමුළු හා දේශන පවත්වන කොළඹ පිහිටි ප‍්‍රමුඛ සෞඛ්‍ය සේවා ශ‍්‍රවණාගාරයද වේ.

 පීපල්ස් ලීසිං සමාගම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට සිදු කළ පරිත්‍යාග සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අජිත් දන්තනාරායන පැවසුවේ, ‘දිනකට ප‍්‍රතිකාර සඳහා දරුවන් 150කට අධික පිිරිසක් පැමිණෙන අප හදිසි අනතුරු ඒකකය තුළ වඩාත් සුවපහසු හා දියුණු සෞඛ්‍ය සේවාවක් සැපයීමට අප සැම දැඩි කැපවීමකින් කටයුතු කරනවා. ඒ සඳහා රාජ්‍ය අනුග‍්‍රහය සැලකිය යුතු අන්දමින් ලැබෙන අතර පෞද්ගලික අංශයේ දායකත්වයත් එහි වැදගත් සාධකයක්. ඒ නිසා අප විවිධ වැඩිදියුණුකිරීම් සඳහා පෞද්ගලික අංශයේ ආයතන වල දාකත්වය ලබාගන්නවා.

අප අපේක්ෂා කළ තරමටත් වඩා උසස් ලෙස මෙම සත්කාර්ය සිදුකිරීමට පීපල්ස් ලීසිං සමාගම ඉදිරිපත්වීම ගැන අප කෘතවේදී වෙනවා’ යන්නය.පීපල්ස් ලීිසිං සමාගම දියත් කළ උක්ත සමාජ සත්කාරය සම්බන්ධයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදිසි අනතුරු සේවා අංශය භාර හෙද සොයුරිය, වී.එස්. රත්නායක මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ, ‘හදිසි අනතුරු සේවා අංශය වසර ගණනාවකින් කිසිම අළුත්වැඩියාවක් සිදු කර තිබුණේ නෑ.

නමුත් මෙම ස්ථානයට දිනපතා  විවිධ අනතුරු වලට ලක්වු රෝගී දරුවන් රැගෙන එනවා. අතර දිනකට පුංචි දරුවන් 40ක් පමණ වාට්ටු අංක 13 තුළ ප‍්‍රතිකාර ලබනවා. පීපල්ස් ලීසිං සමාගම දරුවන්ගේ සෞඛ්‍ය අංශය වෙනුවන් අප රෝහලේ හදිසි අනතුරු සේවා අංශයේ පිවිසුම, අභ්‍යන්තරය හා වාට්ටු අංක 13 යනාදී සියලූ අංශ ආවරණය වන පරිදි සිදු කළ වර්ණ පිරියම්කිරීම හා අළුත්වැඩියා කිරීම අප නො සිතූ ලෙස ඉතා ඉක්මණින් සිදුකර දුන්නා. එයට අමතරව සැත්කම්වලට භාජනයවීමෙන් වේදනාවෙන් සිටින දරුවන්ගේ අවධානය වෙනස්කිරීමට ඉතා අලංකාර ළමා සිතුවම් සිවිලිම මත ඇදීමක්ද සිදු කර තිබීමෙන් දරුවන් සනසාගැනීමට විශාල පිටුවහලක් ලැබෙන බව මා අත්දුටුවා’ යන්නය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ සිදු කළ සමාජ සත්කාරයට සමාගාමීව කොළඹ පිහිටි ප‍්‍රමුඛතම කාන්තා රෝහලකවන ද සොයිසා කාන්තා රෝහලෙහි රුධිර සම්පල ප‍්‍රවාහනය සඳහා නවීන තී‍්‍රවිලරයක්, වාට්ටු අංක 15 මාතෘ ඇඳන් තිරරෙදි යොදා වෙන්කිරීම හා වාට්ටු අංක 05 හි සූතිකාගාරය සඳහා වායු සමීකරණ යන්ත‍්‍ර 2ක් ප‍්‍රදානය කෙරිණි.පීපල්ස් ලීසිං සමාගම විසින් ද සොයිසා කාන්තා රෝහලේ මාතෘ ඒකකයට සිදු කළ පරිත්‍යාගය සම්බන්ධයෙන් එම රෝහලේ වත්මන් අධ්‍යක්ෂවරිය වෛද්‍ය සාගරිකා කිරිවන්දෙණිය මෙසේ අදහස් දැක්වූවාය.

‘නොමිලේ සෞඛ්‍ය පහසුකම් සලසන රටක් වශයෙන් රෝහල් කටයුතු සිදු කරගෙන යෑමට අපට ලැබෙන්නේ සීමිත ප‍්‍රතිපාදනයි. එම නිසා පෞද්ගලික අංශයේ සහයෝගීතාව නිසා මේ ආකාරයට රෝහලේ සේවා සත්කාරයන්ගේ ගුණාත්මකභාවය ඉහළ නංවාගැනීමට හැකියාව ලැබී තිබෙනවා. අප රෝහලේ ගුණාත්මක කඩිනම් සේවා ලබාදීමට ඉතා වැදගත් දේවල් පීපල්ස් ලීිසිං සමාගමේ දැවැන්ත ප‍්‍රජා සත්කාරයක් ලෙස කළ බව සිහිපත් කිරීමට කැමැතියි.

එමෙන්ම තව තවත් මෙවැනි දේ සමාජය වෙනුවෙන් සිදු කිරීමට ශක්තිය ලැබේවායි යන්න අපේ ප‍්‍රාර්ථනයයි’මෙහිදී ද සොයිසා කාන්තා රෝහලේ එවකට අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුගත් කේ. ධර්මරත්න මහතාවද සිහිපත් කළ යුතුමය.පීපල්ස් ලීසිං සමාගම විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල හා ද සොයිසා කාන්තා රෝහලට සිදු කළ සමාජ සත්කාරයන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි), ලක්සඳ ගුණවර්ධන මහතා පැවසුවේ, ‘පීපල්ස් ලීසිං සමාගම ව්‍යාපාරික සමාගමක් ලෙස මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණුකිරීමට කැප වූ සමාගමක්.

විශේෂයෙන්ම මෙරට දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් අප සමාගම වසර පුරාම විවිධ වැඩසටහන් පවත්වනු ලබනවා. එයට අමතරව දරුවන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණුකිරීමට අවශ්‍ය විවිධ සමාජ සත්කාරක වැඩසටහන් සිදු කරනවා. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙනුවෙන් සිදු කළ මෙම පිළිසකර කිරීම් හා පරිත්‍යාගයන්ද එම සමාජ සත්කාරක වැඩසටහන්වල කොටසක්. ඉදිරියේදීද මෙවැනි රට වෙනුවෙන් සිදුකරන සමාජ සත්කාරයන්ට අප සමාගම දායකත්වය දක්වනවා’ යන්නය. 

ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA- (lka) ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 6වන වරටත් ශ‍්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි.

ශ‍්‍රී ලංකාව තුළ වටිනාම හා ප‍්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2018   දී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක් විය. තවද ලබන ලාභයෙන් කොටසක් පරිසර සංරක්ෂණය මෙන්ම මූල්‍ය සාක්ෂරතාව නංවාලීමට, මුල් ළමාවිය/පාසල් මෙන්ම වෘත්තීය අධ්‍යාපනය නගාසිටුවීමට හා ප‍්‍රජාවන් සවිබලගැන්වීමට කටයුතු කරන සමාගමකි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ.