ඉතිහාසය අඳුරුකල දේශපාලන වියවුල ‘විජයබා කොල්ලය’ අගෝස්තු 1 සිට සිනාමාහල්වල

ඉතිහාසය අඳුරුකල දේශපාලන වියවුල ‘විජයබා කොල්ලය’ අගෝස්තු 1 සිට සිනාමාහල්වල

ඩබ්ලිව්.ඒ. ද සිල්වා ශූරීන් විසින් රචනා කරන ලද මෙරට පාඨකයන් අතිවිශාලා සංඛ්‍යාවක් වසඟයටගත් කතා පුවතක් වන ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයක් ලෙසින් එළඹෙන අගෝස්තු 1 දා සිට දිවයින පුරා සිනමාහල්වලදී තිරගතවීමට නියමිතය.

අභාවප්‍රාප්ත සම්මානීය සිනමාකරුවෙක් වන තිස්ස අබේසේකරයන් විසින් රචනා කරන ලද තිර පිටපතක් පදනම් කරගෙන නිර්මාණයවන මෙම දැවැන්ත සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂවරයා වන්නේ ඉතිහාස කතා ගණනාවක් රිදී තිරයට ගෙනා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ය. මෙහි නිෂ්පාදකයා වන්නේ එච්.ඩී ප්‍රේමසිරි මහතාය.

හේමාල් රණසිංහ, අශාන් ඩයස්, සෙනාලි ෆොන්සේකා, ප්‍රීති රන්දෙණිය, බුද්ධික ජයරත්න, අර්ඩ්ලි වෙදමුණි, චුලක්ෂි රණතුංග, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, හාන්ස් බිලිමෝරියා, රයන් වැන්රෝයන්, ගැවින් ලුඩොවයික්, ගයනා සුදර්ශනී, මැරියොන් වෙත්තසිංහ, සුනිල් කොස්තා, අජිත් ශාන්ත, අනුරාධ මල්ලවආරච්චි, සචිත්‍ර වීරසිංහ, ධනුෂ්ක ඩයස්, මෙතින් ජයසූරිය යන ප්‍රවීණ සහ යොවුන් රංගන ශිල්පීන් විශාල පිරිසකගේ දායකත්වය විජයබා කොල්ලයට ලැබී තිබීම ඉතා විශේෂ කරුණකි.

කෝට්ටේ රාජධානිය පැවති 16 වැනි සියවසේ එවකට කෝට්ටේ පාලකයා වූ සත්වැනි විජයබාහු රජතුමන්ගේ පළමු බිසවගේ පුතුන්වූ බුවනෙකබාහු, පරරාජසිංහම් සහ මායාදුන්නේ විසින් රජතුමා ඔහුගේ දෙවැනි බිසවගේ පුත්‍රයෙක් වූ දේවරාජට රාජාසනය ප්‍රදානය කිරීම වැලැක්වීමට කැරලි ගසා රජු මාලිගය තුල ඝාතනය කරමින් සිහසුන පැහැරගත් පුවත විජයබා කොල්ලය නමින් ඉතිහාසගත වී ඇත.

මෙය එක් පසෙකින් සුවිශාල සහ අපූරු කලා නිර්මාණයක් වනවා සේම, අතීතය පිළිබඳ හැදැරීමක් කරන ඕනෑම අයෙක්ට ඉතා හොඳ තොරතුරු මූලාශ්‍රයක් ද වනු ඇත.