‘‘ විජයබා කොල්ලය’ විත්‍රපටය බලලා ඒ් ගැන කතා කරන්න එන්න

‘‘ විජයබා කොල්ලය’ විත්‍රපටය බලලා ඒ් ගැන කතා කරන්න එන්න

මාසිකව සෑම මසකම අවසන් සෙනසුරාදා දින නවතම සිංහල චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශනය කර එම උණුසුමෙන්ම ප්‍රේක්ෂක විචාරක සංවාදයකට මුල පුරණ ආකාරයේ ආකෘතියකින් හෙබි ලංකාවේ තිරගත වෙමින් තිබෙන චිත‍්‍රපටයක් පෙන්වා එසැනින් සංවාදයේ යෙදෙන ආකාරයේ පළමු සිංහල සිනමා විද්වත් කතිකාවට පසුගියදා වසරක් සපිරෙනු ලැබීය.

සිනමා, වේදිකා නාට්‍ය, සංගීතය, සාහිත්‍ය, මාධය හා නර්ථන වැනි අංශ තුලින් විශේෂ වැඩසටහන් සංවිධානය කිරීමේ මාසික වැඩසටහනක් ලෙසින් ‘‘ CSR කලා කෙත’’ මගින් සංවිධානය කරනු ලබන සිනමාවේදී මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘‘ විජයබා කොල්ලය’’ සිනමා කෘතිය සම්බන්ධ විද්වත් සිනමා කතිකාවක් ජනවාරි 25 වන සෙනසුරාදා සවස 1.00 සිට මරදාන ඩීන්ස් පාරේ සමාජය හා සාමයික කේන්ද්‍රයේ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ. ( චිත‍්‍රපට ප‍්‍රදර්ශනයද සමගම)

මෙම විද්වත් කතිකාව සදහා ප‍්‍රවීන විචාරකයින් වන ප‍්‍රියන්ත කොඩිප්පිලි, තුසිත ජයසුන්දර, සුජිත් අක්කරවත්ත යන විද්වතුන් අදහස් දැක්වීම සිදු කරනු ලබන අතරල ප‍්‍රවීන මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ සභාව මෙහෙයැවීම හා නිවේදනය සිදු කරනු ලබයි.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ මාධය ඒකකයේ පූර්ණ අනුග‍්‍රහයෙන් හා සංවිධානයෙන් පැවැත් වූ මෙහි සංවිධාන හා සම්බන්ධීකරණ සහාය ‘‘කෙටි චිත‍්‍රපට සංගමය’’ හා ‘‘ශ‍්‍රී ලංකා විකල්ප සිනමාවේදීන්ගේ සංසදය’’ මගිනි.

වැඩිදුර විමසීම් : තිළිණ අලහකෝන් (CSR මාධ්‍ය ඒකකය)  0716 492399 අමතා ලබා ගත හැකිය.