වෛරස් නැති ආදරයක්

වෛරස් නැති ආදරයක්

සමාජවාදී තරුණ සංගමය විසින් 14 වන දින යෙදි තිබෙන' ආදරවන්තයින්ගේ දිනය ' වෙනුවෙන් මෙවරද වැඩසටහනක් සංවිධානය කර ඇත.

' වෛරස් නැති ආදරයක් ' යන තේමාව මුල්කර ගනිමින් සංවාදශීලි වැඩසටහනක් පවත්වන අතර එහි මූලික අරමුණ වනුයේ ආදරයට මිලක් නැති, දෑවැදි නැති , කුලමල නැති හෙටක් ගොඩනෑගීම සඳහා අවශ්‍ය කරන මතවාදීමය මඟපෙන්වීම ලබා දීමයි.

ඒ අනුව මෙම සංවාදය සඳහා , සංගීතවේදී නදීක ගුරුගේ , වෛද්‍ය දයානාත් රණතුංග , නීතිඥ නිරූපා සේරසිංහ යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම වැඩසටහන පෙබරවාරි 14 ( හෙට ) පස්වරු 4.30 අවකාශ සංස්කෘතික මධ්‍යස්ථානය, අංක 33 සුභූතිපුර මාවත,බත්තරමුල්ල යන ස්ථානයේ පැවැත්වේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් මෙම දුරකථන අංකයට අමතා ලබාගත හැකිය 071 6589322 (බන්දුල )