2020 ඔස්කාර් හොඳම චිත්‍රපටය ලෙස 'පැරසයිට්'

2020 ඔස්කාර් හොඳම චිත්‍රපටය ලෙස 'පැරසයිට්'

ඔස්කාර් සම්මාන උළෙලේ ඉතිහාසය වෙනස් කරමින් ඉංග්‍රීසි භාෂා නොවන චිත්‍රපටයක් මෙවර හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන හිමිකර ගැනීමට සමත් විය.

ඒ් දකුණු කොරියානු චිත්‍රපටයක් වන ‘Parasite’ චිත්‍රපටය වෙනුවෙන්ය.

හොඳම සිනමා අධ්‍යක්ෂණය, විශේෂාංග අංශයේ හොඳම ජාත්‍යන්තර චිත්‍රපටය සහ හොඳම තිර රචනය ඇතුළු සම්මාන හතරක් දිනාගමින් උළෙලේ වැඩිම සම්මානලාභියා බවට ද පත්විය.

මේ අතර සම්මාන උළෙලේ හොඳම රංගන ශිල්පියා ලෙස “ජෝකර්“ චිත්‍රපටයේ, ජැකොවින් ෆීනික්ස්(Joaquin Phoenix) දිනා ගනු ලැබීය.

හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය “ජුඩි“ චිත්‍රපටය වෙනුවෙන් Ranee Zellweger විසින් හිමි කර ගනු ලැබීය.

Brad Pitt හා Laura Dern පිළිවෙලින් හොඳම සහාය නළුවා හා නිළියට හිමි සම්මාන හිමිකරගත්හ.
ඒ ඔවුන් රඟපෑ Once Upon A Time in Hollywood හා Marriage Story චිත්‍රපට වෙනුවෙනි.

මෙම සම්මාන උළෙලෙ සැලකෙන්නේ ලොව සිනමා ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සම්මාන ප්‍රදානෝත්සවය ලෙසයි.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ වැඩිම සම්මාන ලැබූ සෙසු චිත්‍රපට අතර සම්මාන ත්‍රිත්වයක් ලබාගත් නයින්ටීන් සෙවන්ටීන් සහ සම්මාන දෙක බැගින් දිනාගත් ජෝකර් , ෆෝර්ඩ් වර්සස් ෆෙරාරි සහ වන්ස් අපෝන් අ ටයිම් ඉන් හොලිවුඩ් යන චිත්‍රපට වේ.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විශේෂාංග අංශයේ සජීවිකරණ චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්නේ ටෝයි ස්ටෝරි ෆෝ චිත්‍රපටයයි.

එහි හොඳම ගීතයට හිමි සම්මානය දිනාගත්තේ රොකට්මෑන් චිත්‍රපටයේ ලව් මී අගේන් ෆෝ රොකට්මෑන් ගීතය වෙනුවෙන් ශ්‍රීමත් එල්ටන් ජෝන් සහ බර්නි ටෝපින් ය.

ඔස්කාර් සම්මාන උළෙලේ විශේෂාංග අංශයේ හොඳම වාර්තාමය චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේ අමෙරිකානු හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ හිටපු ජනාධිපති ආර්යාව මිචෙල් ඔබාමා ගේ සමාගම නිෂ්පාදනය කළ අමෙරිකන් ෆැක්ටරි චිත්‍රපටයයි.

බොහෝ දෙනා විස්මයට පත්කරමින් සුපිරි රැප් ගායක එමිනෙම් ඉදිරිපත් කළ ගායනයෙන් සම්මාන උළෙලේ නරඹන්නන් දැඩි ප්‍රීතියට පත්වූයේ ඔහුගේ ආගමනය පිළිබඳ පූර්ව දැනුම්දීමක් සිදුකර නොතිබූ බැවිනි.