Pad Man අද රෑ 10.30 ට ITN එකෙන්

Pad Man අද රෑ 10.30 ට ITN එකෙන්

මේ දිනවල දැඩිලෙස කතාබහට ලක්වෙන චිත්‍රපටය් වන Pad Man හින්දි චිත්‍රපටය අද (02) රාත්‍රී 10.30 ට ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වීමට නියමිත ය. 2018 වර්ෂයේ තිරගතවූ එම චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 207 කට වැඩි ආදායමක් උපයනු ලැබීය.

ආක්ෂේ කුමාර්, සෝනම් කපූර් සහ ආන්දෝලනාත්මක චරිත වලට පණ පෙවූ නිළියක වන රාධිකා ආප්ටේ මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙති. ඉන්දියාවේ ඉමහත් ප්‍රසිද්ධියකට සහ සමාජ විප්ලවයකට තුඩුදුන් අරුනාචලම් මුරුගනාදන් විසින් කාන්තා සනීපාරක්ෂක තුවා සුළු කර්මාන්තයක් ලෙස නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍රය නිර්මාණය කිරීමේ සත්‍ය සිදුවීම මෙම Pad Man චිත්‍රපයට මගින් ලොව පුරා රසිකයන් වෙත සංවේදී අත්දැකීමක් එක්කරන ලදි.

දකුණු ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිම්බතූර් ප්‍රදේශයේ ජීවත්වන අරුනාචලම් සිය බිරිඳ මාසික ආර්තව සමයේ ආර්ථිකමය අගහිඟතා නිසා සනීපාරක්ෂක තුවා වෙනුවට පැරණි රෙදි පාවිච්චි කරනු දැක සිය බිරිඳ පමණ් නොව ලෝකවාසී සියළු කාන්තාවන්ගේ ‘ආර්තව දරීද්‍රතාවට’ පිළියමක් ලෙස ඉතා අඩුම පිරිවැයකට ගෘහ කර්මාන්තයක් ලෙස සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමේ ක්‍රමය හඳුන්වාදෙනු ලැබීය.

web menstrual man 1

ජනකාන්ත ඉන්දියානු නළුවෙක් වූ රාජේෂ් ඛන්නාගේ දියණිය මෙන්ම ආක්ෂේ කුමාර්ගේ බිරිඳ වන ට්වින්කල් ඛන්නා විසින් රචනා කරනු ලැබූ The Sanitary Man of Sacred Land නැමති කෙටි කතාව පදනම් කරගෙන නිර්මාණය කළ Pad Man හි අධ්‍යක්ෂකවරයා වූයේ ආර්.බාල්කි ය. 2018 වසරේ මෙල්බර්න් ඉන්දියානු චිත්‍රපට සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය මෙන්ම 2019 වසරේ 66 වැනි ඉන්දියානු ජාතික චිත්‍රපට උළෙල වෙනුවෙන් හොඳම සමාජ ගැටළු පදනම් කරගත් චිත්‍රපටය ලෙස මෙම චිත්‍රපටය සම්මාන දිනාගනු ලැබීය.

කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන බවට 2019 ජනාධිපතිවරණ වේදිකාවේදී සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ලද යෝජනාවක් සම්බන්ධයෙන් ලංකාව තුල විවාදාත්මක තත්වයක් නිර්මාණය වී ඇති තත්වයක් තුල Pad Man චිත්‍රපටය යනු කාලීනව ඉතා වැදගත් කියවීමක් වනු නොඅනුමානය.