කවිකාර සිරිවිමල පොඩි හාමුදුරුවන්ගේ 'අහස් ඉම සිපගනිමි' ජූලි 03 දා

කවිකාර සිරිවිමල පොඩි හාමුදුරුවන්ගේ 'අහස් ඉම සිපගනිමි' ජූලි 03 දා

බොහෝ කාලයක් මුළුල්ලේ සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම මුද්‍රිත මාධ්‍ය ඔස්සේත් නිර්මාණකරණයේ යෙදෙන ගුරුගොඩ සිරිවිමල හිමියන්ගේ නවතම කාව්‍ය සංග්‍රහය 'අහස් ඉම සිපගනිමි' ජූලි 03 සවස 2.00 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ජනගත කිරීමට නියමිතය. 

එම සොඳුරු මොහොතේ ගුරුගොඩ සිරිවිමල හිමියන්ගේ කාව්‍ය නිර්මාණ වපසරිය සහ අද්‍යතන කවියේ ගමන්මග පිළිබඳ දෙසුම් පැවැත්වීම සාහිත්‍යවේදීන් වන චූලානන්ද සමරනායක සහ සුනන්ද කරුණාරත්න මහත්වරුන් අතින් සිදුවණු ඇත.

මෙම මොහොතට මල් මිටක් රැගෙන අහස් ඉම සිපගන්නට ගුරුගොඩ සිරිවිමල පොඩි හාමුදුරුවන් කවියට ලැදි හිත මිතුරු ඔබ සැමට ආරාධනා කරන්නේ ඉමහත් සෙනෙහසිනි.