තලේබාන් බෞද්ධයින්ගේ වුවමනාවට සිරගත කළ ශක්තිකට ඇප

තලේබාන් බෞද්ධයින්ගේ වුවමනාවට සිරගත කළ ශක්තිකට ඇප

ප්‍රකාශන නිදහස උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලේඛක ශක්තික සත්කුමාරට අද (05) ඇප නියම කර ඇති අතර මහේස්ත්‍රාත් අධිකරණයකට මේ චෝදනාව යටතේ ඇප ලබාදීමට නොහැකි වීම හේතුවෙන් ඔහුගේ ඇප ඉල්ලීම කුරුණෑගල මහාධිකරණයට යොමු කර තිබිණි.

කුරුණෑගල මහාධිකරණයේදී අවස්ථා කිහිපයකදී එම ඇප ඉල්ලීම සලකා බැලුවද, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි රජයේ නීතිඥයාට එම කෙටිකතාව අධ්‍යයනය කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බව දැනුම් දීම නිසා ඇප නියෝගය ලබාදීම කල් ගියේය.

ශක්තික සත්කුමාර විසින් ලියා ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළ කළ අර්ධ නම් කෙටිකතාව මගින් ආගමකට අපහාස වන බව සඳහන් කරමින් අන්තවාදී පිරිසක් විසින් පොල්ගහවෙල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු අතර එම පැමිණිල්ල අනුව ශක්තික සත්කුමාරට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ අත්තනෝමතික ලෙස චෝදනා ගොනු කරමින් නඩු පැවරීමට එම පොලිසිය කටයුතු කර තිබිණි.

ශක්තික සත්කුමාර දින එකසිය විස්සකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියද මාධ්‍යවේදීන්, ලේඛකයින් පැහැරගැනීම් බිය වැද්දීම්, අතුරුදහන් කිරීම් ප්‍රකාශණ අයිතිය නිදහස උල්ලංඝනය කිරීම් දේශපාලන තුරුම්පු කොටගෙන බලයට පැමිණ් වත්මන් යහපාලන ආණ්ඩුව ශක්තිකගේ සිද්දියේදී  නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිකුළෙන් යුතුව හෙළා දැය යුතුය.