කෙවිළියක නිහඬව නික්ම ගොසින්

කෙවිළියක නිහඬව නික්ම ගොසින්

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක මෙන්ම ගී පද රචිකාවික වන කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇය 74 වැනි වියෝ පසුවූවාය.

අසුරු සැනින් එක මොහොතකදී, සිහිනයකි ඔබ නිහඬ මැදියම් ?, සිතුවිලි සිරවී හදවත පතුලේ මෙන්ම ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ ඇතුළු ජනපි‍්‍රය ගීත රැසක් කුසුම් පීරිස් මහත්මිය විසින් මෙරට කලා ක්ෂේත‍්‍රයට දායාද කර තිබේ.

70 දශකයේ ගුවන් විදුලි ක්ෂේත්‍රයට පිවිසි ඇය ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස ද ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා ඇය ජනතාව අතර ප‍්‍රසාදයට පත්විය.

නෙවිල් පිරිස්ගේ ආදරණීය බිරිඳ වන ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි.