'කෙටි කතා' 'කවි කතා' මුහු වෙන වැඩක් 27 මහවැලියේ දී

'කෙටි කතා' 'කවි කතා' මුහු වෙන වැඩක් 27 මහවැලියේ දී

කපිල එම්. ගමගේ විසින් රචිත “අපරාදෙ, ඒ නොවැම්බර්” කෙටිකතා පොත සහ “මුහුදට මුහුණ ලෑ සොහොනකි” කවි පොත එළඹෙන ජූලි 27 වැනි සෙනසුරාදා පස්වරු 3 ට එළිදැක්වීමට නියමිතය.

ඒ කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේ දී ය.

''අපරාදෙ, ඒ නොවැම්බර්'' කපිල එම්. ගමගේ ලියන ලද දෙවැනි කෙටිකතා පොත වන අතර මුහුදට මුහුණ ලෑ සොහොනකි ඔහුගේ සය වැනි කාව්‍ය සංග්‍රහය වේ.

එදින සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් “පොත් ගැහුවට කවි ලියන්න පුලුවන් ද?” සහ ලේඛක හා පරිවර්තක චුලානන්ද සමරනායක විසින් “මොනවද මේ කෙටිකතා ?” මැයෙන් දෙසුම් දෙකක් එදින පැවැත්වීමට නියමිත ය.

kapila gamage book